ලබන සඳුදා සිට ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි
Related Articles
ලබන සදුදා සිට ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙනවා. ඒ අනුව මේ වන විට රුපියල් හාරදහස් නවසිය දහයකට අලෙවි කෙරෙන කිලෝග්‍රෑම් 12 යි දශම පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 කට වඩා වැඩි මුදලකින් අඩු වන බවයි වාර්තා වන්නේ.
ගෑස් හිගය අවසන් කරමින් මේ වනවිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියන දෙකයි දශම පහකට අධික සංඛ්‍යාවක් රට පුරා බෙදාහැර තිබෙනවා. මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු අඛණ්ඩව සිදුවනවා. පසුගිය මස 11 වනදා සිට එම සමාගම රට පුරා අඛන්ඩව ගෑස් බෙදාහැරීම ආරම්භ කළා.
ලිට්‍රෝ ගෑස් අලෙවි මධ්‍යස්ථාන දාහතර දහසකට මේ වනවිට ගෑස් බෙදා හැර ඇති බවයි එම සමාගම සදහන් කරන්නේ. ඒ අනුව ගෑස් පෝලිම් මේ වනවිට අවසන් කර තිබෙනවා. නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය කරන ගෘහස්ථ ගෑස් ඇනවුම් කර අවසන්.
බොරතෙල් මිල පහළ යාම සැළකිල්ලට ගනිමින් ගෑස් මිල අඩු කිරීමට හැකි වූබවයි ලිට්‍රෝ සමාගම සදහන් කරන්නේ.