fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ ගින්නකින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2022 09:58

ඇමෙරිකාවේ ගින්නකින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ නිවසක් ගින්නකට හසුවීමෙන් එහි සිටි කුඩා දරුවන් ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්න නිවීමට ගෙන්වූ ගිනි නිවන භටයන් අතර එම නිවසේ ගෘහ මූලිකයාද සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මියගිය පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු සහ වැඩිහිටියන් 7 දෙනෙකු සිටි බවයි පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිසිය පැවසුවේ. ගින්නට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වනවා. දඩයම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු අවට කැලෑබද ප්‍රදේශයකට තැබූ ගින්නකින් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි සැක කෙරෙන්නේ. මියගිය කුඩා දරුවන් තුන්දෙනා මෙම නිවසට පැමිණ ඇත්තේ සෙල්ලම් කිරීම සඳහා බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2022 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්