සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමයංගේ මෙන්ම ඌරුජුවාගේ සමීපතම ගෝලයෙකු විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තා.
නවගමුව රණාල ප්‍රදේශයේ කළ වැටලිමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මියගිය අරුණ උදයන්ත හෙවත් සමයංගේ ප්‍රබල ආධාරකරුවෙකු වන මොහු වයස අවුරුදු 32 ක පුද්ගලයෙක්.
උෂාන් චතුරංග විමලවීර නමැති මෙම සැකකරු මාඹුලගේ දිනෙත් මෙලන් හෙවත් ඌරුජුවා නැමැත්තාගේ ද සමීපතමයෙකු වනවා. සැකකරු සමග පිස්තෝලයක්ද පතොරොම් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ ගණනාවකට සම්බන්ධ බවයි ප්‍රකාශ වන්නේ. එමෙන්ම ගල්කටස් වර්ගයේ අවි දෙකක් හා මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටියදී මීට පෙර අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු ලෙසද ඔහු සැළකෙනවා.