fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලපැවැත්වේ 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2022 13:24

නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලපැවැත්වේ 

ඉදිරි දිනවලදී වර්ෂාව අඩු වුව ද මේ වන විට පොලොවට ජලය උරාගෙන ඇති බැවින් පස් කඳු කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂ සංවිධානයේ නායයෑම් පර්යේශණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පවසනවා.

මේ වන විට සුළු නායයෑම් සහ පස් කණ්ඩි කඩා වැටීම් 40 ක් වාර්තා වී ඇති බවයි ඔහු පවසන්නේ. බලන්ගොඩ මාරපන ප්‍රදේශයේ අධිඅවදානම් ලෙස හඳුනාගෙන තිබූ ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස 04 ක් අනතුරට ලක්ව ඇති බවද ඔහු පැවසුවා.එසේම දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට නිකුත් කර ඇති නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බවද ඒ මහතා කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2022 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්