fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් පිළ සහ ජනපති අතර හමුව අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2022 12:30

සජිත් පිළ සහ ජනපති අතර හමුව අද

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි. එහෙත් සමඟි ජනබලවේගය නියෝජනය කරන 43 වන සේනාංකයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක් නොවන බව පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

සමඟි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාව අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම හා ඊට අදාළ යෝජනා පිළිබඳ එකඟත්වයට පැමිණීම මෙම  සාකච්ඡාවේ අරමුණ බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හමු වුණා. එහිදී ද සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2022 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්