fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දරුණු අපරාධකරුවෙක් වසර 30 ක් වෙස්වලාගෙන චිත්‍රපටවල රඟපාලා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2022 09:51

දරුණු අපරාධකරුවෙක් වසර 30 ක් වෙස්වලාගෙන චිත්‍රපටවල රඟපාලා

දරුණු අපරාධකරුවන්ගේ ලැයිස්තුවක සිටි පුද්ගලයෙකු වෙස්වලාගනිමින් වසර 30 ක් මුළුල්ලේ චිත්‍රපටවල රගපැමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඕම් ප්‍රකාශ් නමැති මෙම පුද්ගලයා චිත්‍රපට 28 ක පමණ රංගනයෙන් දායක වී ඇති බවයි වාර්තා වන්නේ. මංකොල්ලකෑම් සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යම පුද්ගලයෙකු ලෙස මෙම  පුද්ගලයා හදුනාගෙන තිබුණා.

කෙසේ වෙතත් මොහු වෙනත් නමකින් පෙනී සිටිමින් චිත්‍රපට ක්ෂේත්‍රයට යොමුවීමට සමත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.හර්යානා ප්‍රාන්තයේ ජීවත් වූ මොහු උත්තර් ප්‍ර දේශ් ප්‍රාන්තය වෙත පැමිණ ඇති අතර එහි කාන්තාවක්  විවාහ කරගෙන පසුව චිත්‍රපට කර්මාන්තයට පැමිණ තිබෙනවා.

මේ වන විට 65 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා වසර 30 කට පසු  පසුගිය සතියේදී අත්අඩංගුවට පත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2022 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්