පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම පාලිත බණ්ඩාරට
Related Articles
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි කවපෙත්ත විසි කිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත් වුණා.
ඒ මීටර් හතළිස් හතරයි දශම දෙකයි බිංදුවක දක්ෂතාවක් දක්වමින්. ඔහු තරග වැදුනේ එෆ් 42 කාණ්ඩය යටතේයි.පොදු රාජ්‍යමණ්ඩලීයේ මේ වන විට රන් පදක්කම් 46 ක් සමගින් පදක්කම් 123 ක් ලබා සිටින ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණගෙන සිටිනවා.