පැතුම් කර්නර් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන්නැයි නියෝග
Related Articles
සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් හදුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා නියෝග කළා. පැතුම් කර්නල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඊට විරෝධතාවක් මතු කළද එය ප්‍රතික්ෂේප කරමිනුයි අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙස නියෝග කළේ.
මේ අතර ඊයේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මැයි මස 28 වනදා ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග කඩ කළ බවටයි ජෝසප් ස්ටාලින් මහතාට චෝදනා එල්ල වී ඇත්තේ.