fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොල්දූවෙන් අතුරුදන් වූ කඳුළු ගෑස් උණ්ඩවලින් තවත් දෙකක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2022 10:06

පොල්දූවෙන් අතුරුදන් වූ කඳුළු ගෑස් උණ්ඩවලින් තවත් දෙකක් සොයා ගැනේ

පොල්දූව මංසන්ධියේ විරෝධතා අතරතුර පොලිස් ත්‍රී රෝද රථයකින් අතුරුදන් වූ කඳුළු ගෑස් උණ්ඩවලින් තවත් දෙකක් සොයා ගෙන තිබෙනවා.

පසුගිය ජුලි 13 වනදා බත්තරමුල්ල පොල් දූව හන්දියේ පැවති විරෝධතා අතරතුරයි පොලිස්  ත්‍රී රෝද රථයක තිබූ ජීව කදුළුගෑස් උණ්ඩ විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබුණේ.

එම උණ්ඩවලින් දෙකක් සොයා ගැනුණේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදීයී.

ඒ සමග 28 හැවිරිදි සැකකරුවකු ද අත්අඩංගුවට ගැනුණා. ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිකඩ පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2022 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්