අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ශ්රී ලංකා යුධ හමුදා භට පිරිස් ඒ ඒ ප්රදේශවලට යොමු කිරීමට යුධ හමුදාපති ජනරාල් විකුම් ලියනගේ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව උලපනේ නවතැන්තැන්න මාර්ගය නායයාම නිසා පීඩාවට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම යුධ හමුදාවේ භට පිරිස් සිදු කළා.
මේ අතර ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්ත්වයට මුහණ දිම සදහා අදාළ භට පිරිස් සහ ගුවන් යානා සූදානම් කර තැබීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ භට පිරිස් මේ වන විට රත්මලාන කටුනායක සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු තුළ සුදානමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.