රටේ ඇති ආර්ථික පීඩනය වයිරයක් බවට පත් නොවීමට වගකීමෙන් මාධ්‍ය ආයතන ක්‍රියා කළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
රටේ ඇති ආර්ථික තත්ත්වය පිළිබද ජනතාව දැනුවත් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ නොවුනහොත් එය වයිරසයක් බවට පත් වන බව ද ප්‍රකාශ කළා. අපේ රට සහ සෙසු රටවල් සමග ගැටලු ඇති නොවන ලෙස මාධ්‍ය භාවිත කිරීමේ වගකීම ද අමාත්‍යවරයා අවධාරණය කළා. ලේක් එවුස් ආයතනය විකිණීමේ අදහසක් නොමැති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැටුප්ගෙවීම සදහා කළමණාකරණ ක්‍රමයක් සකස් කළ යුතු බව ද කියා සිටියා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූණා.