fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2022 10:23

අයහපත් කාලගුණයෙන් ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළට

ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගියා.

අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙනුයි මෙම මරණ සිදුව ඇත්තේ. මියගිය පිරිස අතරට කුඩා දරුවන් 6 දෙනෙකු ද ඇතුළත්. ඔවුන් අවුරුදු 1 ත් 8 ත් අතර වයස්වල පසුවනවා. තවත් සිය ගණනක පිරිසක් අතුරුදන්ව ඇති බවයි කෙන්ටකී ආණ්ඩුකාරවරයා සදහන් කරන්නේ. දහස් ගණනක් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යටව පවතින අතර නිවාස දොළොස්දහසකට පමණ විදුලිබලය ද නොමැති බව සදහන්. හානියට පත්වූ මහාමාර්ග,  පාලම් හා අනෙකුත් යටිතල පහසුකම් යථාතත්ත්වයට පත් කිරීමට ඩොලර් මිලියන ගණනක් වැයවනු ඇති බවටයි බලධාරීන් සදහන් කරන්නේ. දශක කිහිපයකට පසු කෙන්ටකී ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය ලෙස සැලකෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2022 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්