අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් කැඳවීම අද සිට ලබන 19 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
සියලුම අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineeexams.gov.lk/eic නිල ජංගම දුරකතන යෙදවුමට පිවිස උපදෙස්වලට අනුව අයදුම්පත් යොමුකරන ලෙස දැනුවත් කෙරෙනවා. රජයේ පාසල් සිසුන් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතුයි. දෙවන සහ තුන්වන වර අපේක්ෂකයන් ලෙස උසස්පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සදහා 2021 ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අයදුම්පත් නිකුත් කිරීමට අවස්ථාව හිමිවනවා.
මේ අතර පහ ශ්‍රේණියේ සිසුන් සදහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන 7 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනය කළා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතරු පත්‍ර ඇගයිමේ දෙවන අදියරේ කටයුතු ලබන 5 වනදා සිට 14 වනදා දක්වා සිදු කෙරෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ද ඇතුළුව දිවයිනපුරා ඇගයීම් මධ්‍යස්ථාන 45ක පිහිටි ඇගයිම් මණ්ඩල 453කදි ඇගයීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.