fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිගේ ලිපියට ජාතික නිදහස් පෙරමුණෙන් සහ 43 වන සේනාංකයෙන් පිළිතුරු ලිපි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 20:02

ජනපතිගේ ලිපියට ජාතික නිදහස් පෙරමුණෙන් සහ 43 වන සේනාංකයෙන් පිළිතුරු ලිපි

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සදහා එක්වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ලිපියට ජාතික නිදහස් පෙරමුණ සහ 43 වන සේනාංකය පිළිතුරු ලිපි යොමුකර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණ එම ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පැරණි උපදේශකයින් මගින් සර්ව පාක්ෂික වැඩපිළි‍වෙල සකස් කිරීම තුළින් දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි බවට වටහා ගත යුතු බවයි. එමෙන්ම 43 වන සේනාංකය ද සදහන් කරන්නේ අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු බවට තම පක්ෂය මෙන්ම අනෙක් පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වා ඇති ප්‍රතිචාරය අපැහැදිලි බවයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 20:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්