fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිට පාකිස්ථාන ජනපතිගෙන් සුබ පැතුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 18:28

ජනපතිට පාකිස්ථාන ජනපතිගෙන් සුබ පැතුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි මහතා සුබපැතුම් එක්කර තිබෙනවා.

විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් පාකිස්ථාන ජනාධිපතිවරයා සදහන් කරන්නේ දෙරට අතර පවතින සබදතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බවයි. ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අභියෝග ජය ගනු ඇති බව ද අරිෆ් අල්වි මහතා සදහන් කරනවා. එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉතා සමීපව කටයුතු කරන බවද එම පණිවුඩයේ සදහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්