හැටන් ඔය පිටාර ගැලීමෙන් නිවාස 30ක් ජලයෙන් යටවෙයි – උඩරට දුම්රිය ගමනාගමනයටත් බාධා
Related Articles
හැටන් ඔය පිටාරගැලිම හේතුවෙන් වටවල ප්‍රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යටව පවතිනවා. ප්‍රදේශයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ වටවල සහ ඉහළ වටවල දුම්රිය ස්තාන දෙක අතර මාර්ගයට විශාල ගලක් පෙරළීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කළ දුම්රිය හා බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයෙන් නතර කර ඇති අතර රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය ද අවලංගු කර තිබෙනවා.