මෝටර් රථ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල, හේනකඩුව පන්සල අසළදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 3 දෙනෙකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත්කර තිබෙනවා.
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙනුයි අනතුර සිදුවුණේ. එම අවස්ථාවේ 5 දෙනෙකු මෝටර් රථයේ ගමන්කරමින් සිට ඇති අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. බරපතල තුවාල ලැබූ තුන්දෙනෙකු තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුරින් මිය ගියේ වැලිආර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන 35 හැවිරිදි දෙදරු පියෙකු සහ කහමෝදර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකුයි. අනතුර සිදුවන අවස්ථාවේ ප් දේශයට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පැවති බවයි පොලිසිය පවසන්නේ.