QR ක්‍රමවේදයට පමණක් ඉන්ධන නිකුත් කිරීම අද සිට
Related Articles
QR ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. මෙතෙක් ඉන්ධන ලබාදුන් අංක ක්‍රමවේදය ඇතුළු අනෙකුත් ක්‍රමවේද අද සිට අහෝසි වනවා. QR ක්‍රමවේදය සදහා රථවාහන මිලියන 5 ක් ලියාපදිංචි වී ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ.
QR ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීම දිවයින පුරාම අද සිට ක්‍රියාත්මකයි. QR ක්‍රමවේදයට අනුගත වී ඇති ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීමේදී ද ප්‍රමුඛතාව ලබාදීමටයි බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ. ඊයේ පස්වරුව වනවිට රථවාහන මිලියන 5 ක් QR ක්‍රමවේදයට ඇතුළත්ව ඇති අතර පිරවුම්හල් සියයට 95 ක් ඒ සදහා ලියාපදිංචි වී තිබෙනවා. ඉන්ධන ලබා ගැනීම සදහා එක් පුද්ගලයෙකුට සතියක කාලයක් පවතින බැවින් අද දිනයේදීම ඉන්ධන පිරවුම්හල් අසලට පැමිණිමෙන් වළකින ලෙස ද අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. එමෙන්ම ලබාදී ඇති නියමයන් ක්‍රියාත්මක නොකරන පිරවුම්හල් සහ වංචනිකව ඉන්ධන ලබාගන්නා පිරිස් පිළිබද අමාත්‍යාංශ වට්ස් ඇප් මගින් ලබාගත් තොරතුරු අද දිනයේ දී පොලීසියට ලබාදීමට නියමිතයි.