fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානයේ අයහපත් කාලගුණය හේතුවෙන් 69 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2022 22:01

ඉරානයේ අයහපත් කාලගුණය හේතුවෙන් 69 දෙනෙකු ජීවිතක්ෂයට

දින ගණනාවක් පුරා ඉරානයේ ඇති වී තිබෙන ගංවතුර සහ නායයාම් තත්ත්ව වලින් පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉරානයේ ඇති වූ ගංවතුර හා නායයාම් තත්ත්ව වලින් ප්‍රාන්ත 31 න් 24 ක්ම පීඩාවට පත්ව තිබෙනවා. පුද්ගලයින් 45 දෙනෙකු අතුරුදන් වී ඇති අතර නිවාස විසිදහසකට හානි වී තිබෙනවා. මේ අතර ඉරාන රජය පවසන්නේ වර්ෂාව හේතුවෙන් එරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඩොලර් මිලියන 200 ක පමණ හානි සිදුව ඇති බවයි. මෙම දේශගුණ තත්ත්වයෙන් වැඩි ප්‍රමාණයක්ම  හානි සිදුව ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් පලාතට වන අතර එම ප්‍රදේශයේ පමණක් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2022 22:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්