කහව මුහුදු තීරයේ තිබී දැරියකගේ සිරුරක් සොයා ගැනේ
Related Articles
අම්බලන්ගොඩ කහව මුහුදු තීරයේ තිබී දැරියකගේ සිරුරක් අද උදෑසන සොයා ගැනුණා.
එම සිරුර කහව ගල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14 ක දැරියකගේ බවටයි හඳුනාගෙන තිබෙන්නේ. තම පියා සිදුකළ අවවාදයකට උරණ වී ඊයේ රාත්‍රී 8 ට පමණ සිය නිවසෙන් ඇය පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.