ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට
Related Articles
ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගැණුනා.
පසුගිය 27 වනදා ගල්කිස්සේ සිදුවූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු කටුණායක ගුවන්තොටුපොල ගමන් බඩු පරීක්ෂා කිරීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගැණුනා. අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 19 ක් වන කාන්තාවක ඩුබායි බලා පලායාමට උත්සාහ දැරීමේ දීයි අත්අඩංගුවට ගැණුණේ. මොවුන්ට එරෙහිව කටුනායක ගුවන්තොටුපොල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තාවකාලික ගුවන් ගමන් තහනමක් පනවා තිබෙනවා.