ඇමෙරිකා එක්සත් ජනපදනයේ නැගෙනහිර කෙන්ටර්කි ප්‍රදේශයට බලපෑ දැඩි ගංවතුරෙන් පුද්ගලයන් 19 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙන්ටර්කි ප්‍රාන්තයට මෙවැනි ගංවතුරක් ඇති වී තිබෙන්නේ වසර ගණනාවකට පසුවයි. නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසක් මේ වන විටජල ගැල්මට හසුව තිබෙනවා. මහා පරිමාන ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ජෝ බයිඩව් මේ වන විටත් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් 6 දෙනෙකු ද සිටිනවා. කෙන්ටර්කි ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල විදුලිබල සැපයුම ද ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.