සමාජවාදී සමානතා පක්ෂයේ නායක විජේ ඩයස් මහතා අභාවප්‍රාප්ත වෙයි
Related Articles
සමාජවාදී සමානතා පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ විජේ ඩයස් මහතා අභාවප්‍රාප්ත වුණා.
4 වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති විජේ ඩයස් මහතා අභාවප්‍රාප්ත වන විට 80 වන වියේ පසු වුණා.ට්රොස්ටිවාදියෙකු වන විජේ ඩයස් මහතා කම්කරු නායකයකු ද වනවා. අඩ සියවසකට අධික කාලයක් දේශපාලනයේ නිරත වූ ඔහු 1968 පිහිටු වූ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය හේවත් විකොසෙහි ආරම්භක සාමාජිකයකු ද වනවා. ලංකා සම සමාජ පක්ෂයේ ද තරුණ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය අභාවප්‍රාප්ත පියසීලි විජේගුණසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂයායි. ඔහු අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරණයට ඉදිරිපත් ව තිබෙනවා. අභාවප්‍රාප්ත විජේ ඩයස් මහතාගේ දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා පස්වරු 3ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.