fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණයෙන් පසු අස්රොෆ් වරාය යනුවෙන් නම්කර විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2022 14:53

ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණයෙන් පසු අස්රොෆ් වරාය යනුවෙන් නම්කර විවෘත කෙරේ

ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණයෙන් පසු අස්රොෆ් වරාය යනුවෙන් නම්කර විවෘත කෙරුණා. ඒ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින්.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නායක එම් එච් එම් අස්රොෆ් මහතා වරාය හා නාවික කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදීයි ඔලුවිල් වරායේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ. පසුගිය කාලයේ මෙම වරාය ධීවර අමාත්‍යාංශයට පවරා දීමෙන් පසු එය ප්‍රතිසංස්කරණය කර යළි ආරම්භ කිරීමට අමාත්‍ය ඩග්ලස්දේවානන්දා මහතා කටයුතු කළා. ඒ පෞද්ගලික අංශයේද සහාය ඇතිවයි. එය අස්රොෆ් වරාය යනුවෙන් නම් කර විවෘත කිරීමේ උත්සවය අමතමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ අස්රොෆ් මහතා රටට විශාල මෙහෙවරක් කළ විශිෂ්ට දේශපාලනඥයෙකු බවයි.  මෙම වරාය නැවත ආරම්භ කිරීම නිසා ධීවර යාත්‍රා 300කට පමණ පහසුකම් සැලසෙන බවද ඒ මහතා සඳහන් කළා. වරාය තුළ ටින්මාලු කර්මාන්ත ශාලාවක් සහ අයිස් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2022 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්