කොළඹ නාගරික බල ප්රදේශයේ අඩු ආදායම්ලාභීන්ට හා ජීවනෝපාය අහිමි වූ පවුල්වලට සතොස වවුචර් පත් ලබාදීම කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්රධානත්වයෙන් සිදු වුණා.
අඩු ආදායම්ලාභී සහ මහජන ආධාර ලබන මෙන්ම දෛනික ජීවනෝපාය අහිමි වූ පවුල් සදහා සතොස වවුචර් පත්ර එක්ලක්ෂ විසිදහසක් බෙදාදීමේ වැඩසටහන කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. කොළඹ මහනගර සභාවේ මහජනාධාර දෙපාර්තමේන්තුවේ සහන නිලධාරීන්ගේ නිර්දේශ මත මෙම වවුචර්පත් බෙදාදීම සිදු වනවා.