fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට ලකුණු 246 ක විශිෂ්ඨ ජයක්

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2022 14:37

ශ්‍රී ලංකාවට ලකුණු 246 ක විශිෂ්ඨ ජයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 246 කින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 378 ක් රැස් කළා. පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 231 ක් පමණයි.

දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 360 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. මේ අනුව ජයග්‍රහණය සදහා පාකිස්තානයට ලකුණු 508 ක ඉලක්කයක් හිමි වුණා. කෙසේ වුවද පාකිස්තාන කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී දෙවන ඉනිමේදී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 261 ක් පමණයි.

පාකිස්තාන දෙවන ඉනිමේ කඩුලු 5 ක් බිද හෙලීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් බිද හෙලුවා. මේ අනුව මෙම තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 246ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට හැකි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2022 14:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්