දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයන් පිරිසක් ඉරාකයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී තිබෙනවා.
පැවති අධි ආරක්ෂක තත්ත්වයන් බිද දමමින් මෙම උද්ඝෝෂකයන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍යයන් වාර්තා කළේ. ප්‍රකට පූජකවරයෙකු වන මුක්ටාඩා අල්සදල්ගේ ආධාරකරුවන් මෙම සිද්ධිය පිටුපස සිටින බව ඉරාක රජය පවසනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති මහමැතිවරණයේදී මුක්ටාඩා අල්සදර්ගේ සහයෝගය ලබන දේශපාලන පෙරමුණ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. එහෙත් ඔවුනට බලයට පැමිණීමට හැකිවූයේ නැහැ. උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුවට කඩා පනින අවස්ථාව වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු එහි නොසිටි බවයි වාර්තා වන්නේ.