වස්කඩුව ලී මෝලක හටගත් ගින්නකින් ලෑලි විශාල ප්‍රමාණයක් විනාශයට
Related Articles
වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක හටගත් ගින්නකින් අපනයනය සදහා සූදානම් කර තිබූ ලෑලි විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුණා.
වස්කඩුව ගාලුපාර අසල නිවසක් පිටුපස පවත්වාගෙන ගිය මෙම ලීමෝලේ ලී පදම් කිරීම සදහා යොදාගන්නා බොයිලේරුව සහිත කොටසේ ගින්න හට ගෙන තිබෙනවා.
කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දමා තිබෙනවා. අපනයනය සදහා සූදානම් කර තිබූ පැලට් ලෑලි විශාල ප්‍රමාණයක් ගින්නට හසුවීමෙන් විනාශ වුණා.