fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩීසල් ලීටර් 1900ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2022 16:58

ඩීසල් ලීටර් 1900ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැඩි මිලට අලෙවි කිරීම සඳහා ඩීසල් ලීටර් එක්දහස් නවසීයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට ධීවර වරාය ඉන්ධන පිරවුම්හලෙන් බෝට්ටුවලට ඉන්ධන ලබා ගන්නා මුවාවෙන් සැකකරු ඩීසල් ලීටර් එක්දාස් නවසීයක් මිලට ගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවල දී හෙලි වී ඇත්තේ. එම ඩීසල් තොගය අලෙවි කිරිම සදහා රැගෙන යමින් තිබිය දී හම්බන්තොට පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ යුද හමුදා බුද්ධි අංශවලින් ලද තොරතුරකට අනුවයි. ඉන්ධන තොගයේ වටිනාකම රුපියල් පහලොස් ලක්ෂයක් පමණ වන අතර සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2022 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්