fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

31 වනදාට පෙර සෑම ත්‍රී රෝද රථයක්ම පොලිසියේ ලියාපදිංචි වීම අනිවාර්යයි

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2022 09:29

31 වනදාට පෙර සෑම ත්‍රී රෝද රථයක්ම පොලිසියේ ලියාපදිංචි වීම අනිවාර්යයි

ලබන 31 වනදාට පෙර දිවයිනේ සෑම ත්‍රි රෝද රථයක්ම ඔවුන්ට අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී අදාළ ප්‍රදේශයේම එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත යුතු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සදහන් කර තිබෙනවා. එමෙන්ම උද්‍යාන සදහා භාවිත කරන උපකරණ,  විදුලි ජනන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ ද තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර පදිංචි ප්‍රදේශයේම එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර චැසි අංකය යටතේ ලියාපදිංචි විය නොහැකි වාහන සදහා ආදායම් බලපත්‍ර අංකය යටතේ ලියාපදිංචි විය හැකි අතර ලබන සිකුරාදා සිට එය ක්‍රියාත්මකයි. එමෙන්ම 49 සීසී කාණ්ඩයේ යතුරුපැදිකරුවන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර එමගින් ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටින්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2022 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්