fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගෝස්තු 01 සිට ඉන්ධන නිකුත් කිරීම QR කේත ක්‍රම ඔස්සේ පමණයි

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2022 15:07

අගෝස්තු 01 සිට ඉන්ධන නිකුත් කිරීම QR කේත ක්‍රම ඔස්සේ පමණයි

ලබන මස පලමුවන දා සිට කිව් ආර් කේතය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කරන්නේ වාහනයේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම වලංගු වන්නේ ලබන මස පළමුවනදා දක්වා පමණක් බවයි.

ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාවේ සාමාජිකයන් මෙන්ම ස්වේච්ඡා සේවකයන් ද ඉදිරි දිනය දහය තුළ දීත් මෙම වැඩසටහන සදහා සහාය ලබා දෙන බව අමාත්‍යවරයා පවසනවා. තාක්ෂණික ගැටලු නිරාකරණය කරන තෙක් පහසුකම් නොමැති හෝ තාක්ෂණික දුෂ්කරතා ඇති ඉන්ධන පිරවුම්හල්වල දී පමණක් ඉලක්කම් ක්‍රමය අනුව ඉන්ධන ලබා දීම සිදුකෙරෙනවා. එහෙත් මේ වන විට කිව් ආර් කේත පරීක්ෂාව සදහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික දැනුම පිරවුම්හල් සියයට හැටකටම පවතින බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2022 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්