යූරියා පොහොර මෙට්‍රික් ටොන් දාසය දහස් දෙසිය හැත්තෑ දෙකක් දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැර තිබෙනවා.
ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දුන් යූරියා පොහොර දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවිජනතාවට බෙදා හැරීම සිදු කෙරෙනවා. ඊයේ වන විට යූරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් දාසයදහස් දෙසිය හැත්තෑ දෙකක් බෙදා හැර ඇති බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවල යූරියා පොහොර නිකුත් කිරීමේ කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිරීක්ෂණය කළා. යල කන්නයේ වී වගාව සදහා වැඩිම යූරියා පොහොර තොගය ලබා දී ඇත්තේ පොලොන්නරුව දිස්ත්‍රික්කයටයි. එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් පන්දාස් තුන්සිය අසූවක්. උතුරු මැද පළාතට පොහොර මෙට්‍රික් ටොන් හයදාස් හත්සිය දහයක් නිකුත් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන්නේ.
ඉන්දීය රජය ලබා දී ඇති පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාකරුවන් සදහා ලබා දීමට තීරණය කර තිබෙනවා.