බොරැල්ලේ පෙට්‍රල් හොරකම ඝාතනයකින් කෙළවර වෙයි
Related Articles
අද (25) අලුයම බොරැල්ල කාසල් වීදිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
යතුරුපැදියකින් පෙට්‍රල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැකකරු යතුරුපැදියේ හිමිකරුට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ බොරැල්ල කාසල් වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.