fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකිකයන්ට පාස්පෝට් හදන තමිල්නාඩුව

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2022 18:25

ශ්‍රී ලාංකිකයන්ට පාස්පෝට් හදන තමිල්නාඩුව

ශ්‍රී ලාංකිකයන්ට නීති විරෝධී ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ ජාවාරමක් තමිල්නාඩු පොලිසිය අනාවරණය කර තිබෙනවා.

තමිල්නාඩු රජය ඊයේ නිවේදනය කළේ මෙම ජාවාරමට සම්බන්ධ තමිල්නාඩු පොලිස් නිලධාරීන් සහ විදේශ ගමන් බලපත්‍ර නිලධාරින් ඇතුළු 41 දෙනෙකු සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බවයි. ඇතැම් ශ්‍රී ලාංකිකයන් විදෙස් ගමන් සදහා  ඉන්දීය විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට උත්සාහ කරන බවට ලද තොරතුරු අනුව සිදු කළ විමර්ශනයන් වල දී මෙම ජාවාරම් පිළිබද හෙලිව තිබෙනවා. මේ සම්බන්ධ විමර්ශන තමිල්නාඩු පොලිසියේ කිව් බ්‍රාන්ච් අංශයෙන් සිදුවන අතර ඔවුන් මේ සම්බන්ධයෙන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. ඒ අතර ශ්‍රී ලාංකීය දෙමල ජාතිකයන් සිව් දෙනෙකු සහ සංචාරකයන් නියෝජිතයන් 11 දෙනෙකු සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ පිළිබදව ඉන්දීය පොලිස් නිලධාරීන් පස් දෙනෙකු,  විදෙස් ගමන් බලපත්‍ර නිලධාරින් 14 දෙනෙකු තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු 41 දෙනෙක් පිලිබද ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සදහන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2022 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්