fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අරලියගහ මන්දිරයට සිදු වූ හානිය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2022 12:23

අරලියගහ මන්දිරයට සිදු වූ හානිය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට සිදුව ඇති හානි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ලබන සතියේ ආරම්භ කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සදහා විශේෂ කණ්ඩායමක් යොමුකරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසන්නේ.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්මාරකවලට සිදුව ඇති හානිය පිළිබද විමර්ශන සිදුකෙරෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂා කිරීම් සිදුකර ඇති බවයි අනුර මනතුංග මහතා පවසන්නේ. කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදුව ඇති බව ඒ මහතා පවසනවා. ඓතිහාසික වටිනාකමක් සහිත භාණ්ඩ චිත්‍ර මෙන්ම උපකරණ ඇතු නිර්මාණ රැසක් ජනාධිපති මන්දිරය තුළ පැවති අතර ඉංග්‍රීසි ආණ්ඩුකාර වරුන් කිහිප දෙනෙකු එම මන්දිරය තුළ සිය කටයුතු සිදුකර තිබෙනවා. පුරාවස්තුවලට හානි සිදුකිරීම් හෝ සොරකම් කිරීම් වලටඅදාළ පුද්ගලයින්ට පුරාවිද්‍යා ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඒ මහතා අවධාරණය කරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2022 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්