fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති සහ ජනපති අතර දුරකථන සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2022 11:03

බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති සහ ජනපති අතර දුරකථන සාකච්ඡාවක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩලය සහ සංවර්ධන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික තත්වය පිළිබද මෙහි  දී අවධානය යොමු වූ බව සදහන්. සාමකාමී විරෝධතා මාධ්‍ය නිදහස මානව හිමිකම් සහ යුක්තිය පිළිබද අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේ දී අවධානය යොමු කළ බව බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා. එමෙන්ම එහි වැඩිදුරටත් සදහන් වන්නේ අසීරු අවස්ථාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහය ලබා දීමට බ්‍රිතාන්‍ය අඛණ්ඩව ක්‍රියාකරන බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරට සිටින තානාපතිවරුන් මෙන්ම මහ කොමසාරිස්වරුන්  කිහිප දෙනෙකු අතර හමුවක් පැවැත්වුණා. ජනාධිපති කාර්යාලයේ රැදී සිටි අරගලකරුවන් එයින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. ඇමෙරිකාව,  කැනඩාව,  ප්‍රංශය,  බ්‍රිතාන්‍ය,  ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන් මෙසේ ජනාධිපතිතුමා හමුවුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2022 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්