දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Related Articles
දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ ලබන පළමුවනදා තෙක් පැරණි මිල ගණන්වලටම ටිකට්පත් නිකුත් කරන බවයි. එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද පස්වරු 6.00 සිට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් දින දෙකකට ඉවත්වුණා. කෙසේ වුවද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදී සිදුවනවා.
ගාස්තු සංශෝධනයත් සමග දුම්රිය ටිකට්පත්වල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රුපියල් දහයක්ව පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් විස්සක් දක්වා ඉහළ ගියා. දෙවන පන්තිය සඳහා රුපියල් පනහක්ව පැවති අවම ගාස්තුව රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා. පළමු කිලෝමීටර් දහය තුළ එක් කිලෝමීටරයකට තුන්වන පන්තිය සඳහා රුපියල් දෙකයි ශත හැටකින්ද දෙවන පන්තිය සඳහා රුපියල් පහයි ශත විස්සකින්ද පළමු පන්තිය සඳහා රුපියල් දහයයි ශත හතළිහකින්ද ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඩීසල් ලීටරයක මිල රුපියල් 400 ක්ව පැවති අවස්ථාවේ බස් ගාස්තුවෙන් අඩක් වන ලෙසට මෙම දුම්රිය ගාස්තු සංශෝධනය සිදු කෙරුණා. කෙසේ වුවද දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරන්නේ ගැටලු කිහිපයක් හේතුවෙන් අද සිට ගාස්තු සංශෝධනය සිදු කළ නොහැකි බවයි.
එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද පස්වරු 6.00 සිට දින 2ක කාලයක් සඳහා සාමාන්‍ය ටිකට්පත් නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත්වුණා.
දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී ඊට පරිබාහිරව ක්‍රියා කරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.