fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙල්ලාලගේට ටෙස්ට් වරම්

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2022 18:39

වෙල්ලාලගේට ටෙස්ට් වරම්

හෙට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා 12 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක සංචිතයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් නම් කර තිබෙනවා. ඒ අනුව යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද හෙට දිනයේ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගැනිමට සූදානමින් සිටිනවා. ඒ අනුව දුනිත් හෙට ටෙස්ට් වරම් දිනා ගන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන 162වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වෙමින්.

මේ අතර හෙට තරගය සඳහා පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්ෆ්‍රඩි ද ක්‍රීඩා නොකරන බව වාර්තා වනවා.දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනයේදී දනහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩී ක්‍රිඩා පිටියෙන් ඉවත් වූ අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා. කෙසේ වෙතත් එම ආබාධිත තත්ත්වය තවමත් යහපත් මට්ටමක නොපැමිණිම හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ද අහිමිවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2022 18:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්