ඇෆ්ගනිස්ථාන පුහුණුකරු ලෙස ජොනතන් ට්‍රොට් පත් කෙරේ
Related Articles
ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රිඩක ජොනතන් ට්‍රොට් පත්කර තිබෙනවා.
අගෝස්තු මාසයේදී ආරම්භ වීමට නියමිත අයර්ලන්ත තරග සංචාරයේ සිට ට්‍රොට් ඇෆ්ගනිස්ථාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ ජොනතන් ට්‍රොට් සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා. මීට පෙර ඔහු එංගලන්ත ජාතික කණ්ඩායමේ මෙන්ම එරට වයස අවුරුදු 19න් පහළ කන්ඩායමේ ද විවිධ පුහුණුකාර තනතුරුවල කටයුතු කළා.