මහනුවර ඇසළ පෙරහැර පාසල් කටයුතුවලට බාධාවක් නොවන පරිදි පැවැත්වීමට සැලසුම්
Related Articles
පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වීමට තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.
මීට පෙර වසරවලදී පෙරහැර මංගල්‍ය පැවැත්වූයේ පාසැල් නිවාඩු කාලයේදීයි. ඒ හේතුවෙන් පෙරහැරට සහභාගී වන නර්තන කණ්ඩායම් හා ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් සැපයීම ගැටලුවක් වූයේ නැහැ. මෙවර පාසැල් පැවැත්වෙන අතරතුර පෙරහැර මංගල්‍ය පැවැත්වුවද අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන ලෙස එය සිදු කිරීමට නියමිත බවයි සාකච්ඡාවකට එක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ. පෙරහැර පැවැත්වීම හා එහි සංවිධාන කටයුතු පිළිබඳව පැවති මෙම සාකච්ඡාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා මෙන්ම සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් හා අදාල ආයතනවල නියෝජිතයන් එක්වුණා.