අගමැති මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගනී
Related Articles
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩභාර ගැනීමෙන් පසු අද පස්වරුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංස ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. එහිදී උන්වහන්සේ නව අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිදු කුමාරතුංග මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සඡ්ඣායනා කර ආශිර්වාද කළා. ගාමිණී ලොකුගේ , සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.