fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2022 18:27

නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සුබ ප්‍රාර්ථනා කරයි.

චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අලුතින් තේරීපත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (22) සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර රටවල් දෙකකි. ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිතකර ‍ගතවූ වසර 65 තුළ චීනය හා ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය,යහපත හා සමානත්මතාව පදනම්කර ගෙන එම සබඳතාව අඛණ්ඩව වර්ධනය කර ඇතැයි ෂීජින්පිං මහතා එම සුබ පැතුම් පණිවිඩයෙන් කියාසිටී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ තාවකාලික දුෂ්කරතා මැඩපවත්වමින් ආර්ථික හා සමාජයීය පුනරුත්ථාපනය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට චීන ජනාධිපතිවරයා සිය විශ්වාස පළ කරයි. චීනය, ශ්‍රී ලංකාව සමග පවතින සම්බන්ධතා ඉතා වැදගත් කොට සලකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලාංකික ජනතාවටත් උපරිම සහය ලබාදීමට චීනය කැමැත්තෙන් සිටී.

චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රත්වය හා දේශපාලන විශ්වාසය තහවුරු කරමින් ද්පාවිර්ශ්වික උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙනයනු ඇතැයි බලාපොරොත්තුවන බවද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන්කර ඇත.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2022 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්