නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම්දීමට නියමිතයි.
හෙට පෙරවරු 9 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා.
ඒත් සමග කැබිනට් මණ්ඩලය ද අහෝසි වනවා. මෙම තත්ත්වය යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පත්වන නව කැබිනට් මණ්ඩලයට කඩිනමින් ඉටුකිරීම සදහා වගකීම් රැසක් පැවරෙනවා.