විවෘත අධිකරණයේ කැඳවූ නඩුවක් සඳහා පෙනී නොසිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
2021 වසරේ සිදු කළ උද්ඝෝෂනයකදී අයුතු අවහිරයක් සිදු කළ බවට කොටුව පොලිසිය විසින් ගොනු කර තිබූ නඩුවක් සඳහා සැකකරුවන් දෙදෙනා ඇතුළු සිව්දෙනෙක්ට එරෙහිව පවරා ඇති නඩුව අද අධිකරණයේදී කැඳවනු ලැබීය.
එහිදි සැකකරුවන් සිව් දෙනාම අධිකරණයේ පෙනී නොසිටි අතර වසන්ත මුදල්ගේ ඇතුළු දෙදෙනාට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා අනෙක් සැකකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
