fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහුදින යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2022 09:29

බහුදින යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධිවර කටයුතුවල යෙදුනු ඉන්දීය ධීවරයින් හය දෙනෙකු බහුදින යාත්‍රාවක්ද සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව මන්නාරම උතුරු දෙසින් වූ මුහුදු තීරයේදී මෙම යාත්‍රාව සමග ඉන්දීය ධීවරයින් හය දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. උතුරු නාවික විධානයට අනුයුක්ත 4 වන වේග ප්‍රහාරක බලඇණියට අයත් යාත්‍රාවක් මගින් මන්නාරම් මුහුදු තීරයේ සිදුකළ නිරීක්ෂණවලින් අනතුරුවයි ඉන්දීය බහුදින ධීවර යාත්‍රාව හා ආම්පන්න මෙන්ම ධීවරයින් අත්අඩංගුවට ගැනීම සිදු කළේ.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සදහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දුන් බව නාවික හමුදාව සදහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2022 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්