ඉන්ධන අර්බුදය තවදුරටත් පැවතීම හේතුවෙන් ජූලි 21වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් ජූලි 25වනදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා.
ඒ අනුව පාසල් ආරම්භ කිරීමෙන් පසු සඳුදා ,අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී සාමාන්‍ය කාල සීමාවන්හිදී පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පාසල් නොපැවෙත්වෙන බදාදා සහ සිකුරාදා යන දිනවලදී මාර්ගගත ක්‍රමයට සියලුම විෂයන් ආවරණය වන පරිදි කාලසටහනක් සාදා ඉගැන්වීම් කළ යුතු වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ.