ජීවන් තොණ්ඩමාන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය සහ ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊ පී ඩී පී පක්ෂය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ද සිය සුභාශිංසන පළ කර තිබුණා.
එමෙන්ම ද්‍රවිඩ ප්රගතිශීලී සන්ධානය නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්වින්ද් කුමාර් ද ඊයේ පස්වරුවේ නිවේදනය කලේ තමා රනිල් වික්‍රමසිංහ මහතාට සාය පළකරන බවයි.