fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

QR අවස​රපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම 25 වනදා සිට

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2022 18:09

QR අවස​රපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම 25 වනදා සිට

QR කේතය අනුව ඉන්ධන ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙල ලබන 25 වන දා සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අනිද්දා සිට  24 දක්වා කොළඹ අවට ස්ථාන කිහිපයක දී එම වැඩසටහනේ පරීක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. නව වැඩපිළවෙල සදහා මේ  වන විට  වාහන ලක්ෂ 20ක් ලියාපදිංචි වී තිබෙනවා.

එමෙන්ම තවදුරටත් ලියාපදිංචි කිරීම් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිම්වල රැදී සිටීමෙන් වැළකී හදුන්වා දුන් නව වැඩපිළිවෙළට සහාය දෙන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉල්ලීමක් කළා. පෝලිම්වලින් ඉවත්වන තුරු සිපෙට්කෝ ඉන්ධන හල් වෙත ඉන්ධන ප්‍රවාහනය තාවකාලිකව නතර කර තිබෙනවා. ඉන්ධන අවසර පත්‍රය සහ වාහන අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාදීමට දින වෙන්කිරීමේ වැඩපිළිවෙළට අනුව පමණක් ඉන්ධන නිකුත් කෙරෙන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

මෙම වැඩපිළිවෙලට අදාල ඉන්ධන බෙදා හැරිමේ දින හදුන්වා දි ඇති අතර එම වැඩපිලවෙල මෙසේයි. 0, 1 සහ 2 අංක සදහා අගහරුවාදා සහ සෙනසුරාදා දිනයත් 3, 4, 5 සදහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයත් 6, 7, 8, 9 සදහා සදුදා බදාදා  සහ සිකුරාදා දිනයත් වලංගුවන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.  

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2022 18:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්