රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරානයේ විශේෂ සංචාරයක නිරතවීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
අද දිනයේදී රුසියා ජනාධිපතිවරයා ඉරානයට ළගාවීමට නියමිත බවයි වාර්තා වන්නේ. යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඔහු නිරතවන දෙවන විදෙස් සංචාරය ලෙස මෙය හැදින්විය හැකිය. සංචාරය අතරතුරදී ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි හා තුර්කි ජනාධිපති තයිප් එර්දගෝන් සමග විශේෂ සාකච්චාවක් පැවැත්වීමට ද නියමිත බව සදහන්. කලු මුහුද හරහා යුක්රේනයේ ධාන්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවන බවයි තුර්කි බලධාරීන් සදහන් කරන්නේ.