කන්න තුනකට පසු පොහොර ගබඩා යූරියාවලින් පිරේ
Related Articles
කන්න තුනකට පසු පොහොර ගබඩා සියල්ලම යූරියා පොහොරින් පිරී ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් හැටපන් දහසෙන් පළමු තොගය වන මෙට්‍රික් ටොන් 44,000 ක් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමේ ගබඩාවල අසුරා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. 2021 යල කන්නය මහකන්නය හා 2022 යල කන්නය සදහා යූරියා පොහොර ලබානොදීමට ගත් තීරණය හේතුවෙන් අස්වැන්න සීඝ්‍රයෙන් අඩු වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශබ සදහන් කරන්නේ. මෙවර යල කන්නයේ සිට යුරියා පොහොර ලබාදීමට ගත් තීරණයත් සමග වැඩි බිම් ප්‍රමාණයක් වගා කළ හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. යූරියා මෙට්‍රික් ටොන් 21,000 ක් සහිත තවත් නෞකාවක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලගාවීමට නියමිතයි.